ළමා ජීවිත වෙනුවෙන්, ළමා දිනය……..

 

ආසන්න වශයෙන් ලොව පුරා රටවල් 50ක් පමණ “ලෝක ළමා දිනය” සමරන්නේ නොවැම්බර් මස 20 වන දිනයි.

මෙම දිනය රටින් රටට වෙනස් වේ. එනම් බොහෝ රටවල් සිය “ලෝක ළමා දිනය” සමරන්නේ විවිධ දිනයන්හි දී ය.

අප ශ්‍රී ලංකාවේ මෙම දිනය සමරන්නේ, ඔක්තෝබර් මස 1වන දින ය.  

තොරතුරු මෙසේ වූව ද, අප කුඩා කල පටන් දන්නා දෑ මෙසේ වුව ද, අප මෙවන් දිනයක් හා බැඳෙන්නේ විවධ ආකාරයෙනි. මෙවන් දිනයක් පිළිබඳ  අදහසක් අප කරා පැමිණෙන්නේ ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන හුදු තොරතුරක් ලෙස, පුවතක් ලෙස විය හැකි ය. විශේෂ මතක්කිරීමක් ලෙස විය හැකි ය.

එහෙත් අප අපගෙන් ම අසා සිටිය යුතු ප්‍රශ්නය වන්නේ “ලෝක ළමා දිනය යන්න අපට සැබවින් ම වැදගත් වන්නේ ද?” යන්නයි. “මෙය අපට සැබවින් ම සුවිශේෂ දෙයක් වන්නේ ද ?” යන්නයි.

සෙසු සියලු දෛනික ආශාවන් අතරේ, අපට ප්‍රිය මනාප වන පුවත් අතරේ ලෝක ළමා දිනය අපට සිවිශේෂ වන්නේ ඇයි දැයි අප කෙටියෙන් වුව ද සඳහන් කළ යුතු ය. 

“අපට අවශ්‍ය වන්නේ සැම දරුවෙක් ම පාසල් යන, විවිධ අනතුරුවලින් ආරක්ෂා වුණු, සිය හැකියාවන් සපුරාගත් ලොවක් බිහි කිරීමයි”, යන්න 2018 ලෝක ළමා දිනය උදෙසා යුනිසෙෆ් (UNICEF) ආයතනය එක් කරනා දැක්මයි.

මෙවන් දිනයක වැදගත්කම විය යුත්තේ හුදෙක් ම ළමුන් පිළිබඳ සිතීම පමණක් නො ව ඔවුන් වෙනුවෙන් අපගේ දෛනික සිතීම විවෘත කර ගැනීමයි.

“අපි”―රැඩිකල්ස් ආයතනයේ චිත්‍රපට නිෂ්පාදන අංශය වශයෙන්, එක්තරා සුවිශේෂී තේමාවක් ඔස්සේ මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට යෙදුනෙමු.

කෙටි චිත්‍රපටයේ තේමාව වූ යේ, රට හැර ගිය සිය මව එන තෙක් අපේක්ෂාවෙන් බලා සිටින කුඩා දියණියකගේ මනොභාවයයි.

“නිරුදක සුසුම්”( Tears of the Sky)

The short film produced by the Video Factory for the World Children’s Day, “නිරුදක සුසුම්”( Tears of the Sky) ලෝක ළමා දිනය වෙනුවෙන් Video Factory නිෂ්පාදනයක් වන “නිරුදක සුසුම්” කෙටි චිත්‍රපටය.

Gepostet von VIDEO Factory am Dienstag, 2. Oktober 2018

අපගේ අරමුණ වූ යේ, ලෝක ළමා දිනය තේමාව ද සිත්හි තබා ගනිමින්, ශ්‍රී ලංකාවේ සැළකිය යුතු ලෙස දකින්නට අසන්නට ලැබෙන, තත්වයක් වන දෙමාපියන් රැකියා සඳහා විදේශගත වීම යන තත්වය කලාත්මක ව කෙටියෙන් චිත්‍රපටයකට නැගීමයි.  

අප අපගේ ළමුන්ගේ අපේක්ෂාවන් රැකගැනීමෙන්― අප අනාගතය රැකගනු ඇත.   

Comments: