එකල බුදුන් වහන්සේ ලංකාවේ “මෙකල” ගැන දැන සිටියා ද?

අපි නිර්මාණශීලී තරුණ කණ්ඩායමක් ලෙස සුවිශේෂී සමාජ නිරීක්ෂණයක් කළෙමු.

පසු ව වඩාත්ම ගැලපෙන මූලාශ්‍රයක් නිර්මාණාත්මක ව ඔබට ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුව විය. මේ සඳහා අප තේමා කරගත්තේ, 2019 වෙසක් පොහොය දිනයයි.      

අපගේ නිර්මාණයට පාදක වූ කොසොල් රජු දුටු සිහින දහසය යන්න අපට වැදගත් වන්නේ මෙවන් කලක එම සිහින යථාර්ථයක් වී තිබෙන බව අපට වැටහී ගිය බැවිනි. 

අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත්, කාලගුණයත් සම්පුර්ණයෙන් වෙනස් වෙනවා.

අනාගතයේ මිනිසුන් කාමාශාව වැඩි වෙනවා. ස්ත්‍රී දුෂණ වැඩි වෙනවා. ළමා අපචාර වැඩි වෙනවා.

අනාගතයේ දී දරුවන් දෙමාපියන්ට ගරු සැලකිලි නො දැක්වීම, දරුවන් යටතේ වැඩිහිටියන්ට දාසයන් මෙන් යැපෙනන්නට සිදු වෙනවා.

අනාගතයේ, බුද්ධිමතුන්ට ඇමතිකම් නො දී, බාලයන්ට මෙම තනතුරු ප්‍රධානය කිරීම නිසා පාලනය අවුල් වෙනවා.

අනාගතයේ අධාර්මික පාලකයන් නිසා නිතිය අවනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා.

අනාගතයේ සම්භාවනීය වසයෙන් සැලකෙන මිනිසුන් අයථා ක්‍රමවලින් පොහොසත්වුවන්ට තම දූ දරුවන් සරණපාවා දෙනවා.

අනාගත මිනිසා අතර කාම මිත්‍යාචාරය බහුල වෙනවා.

අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නො කිරීම නිසා රටේ ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙනවා.

අනාගතයේ පාලකයන් ධර්මයෙන් රට පාලනය නො කරන නිසා රට දුෂණයට පත්වෙනවා.

අනාගතයේ පාලකයෝ අධාර්මික වන විට නිසි කලට වැසි ලැබෙන්නේ නැ.

අනාගතයේ මගේ සාසනයේ බොහෝ භික්‍ෂුන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරයි.

අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබා දෙන හේතුවෙන් රාජ සභාව හිස් කතාවලින් පිරී යනවා.

අනාගත පාලකයෝත්, ප්‍රජාවත් උගතුන්, බුද්ධිමතුන්ගෙ උසස් කථා නො සලකා හරිනවා.

අනාගතයේ රාගාධික වන මිනිසුන් තමන්ගේ වයසට නොහොබිනා ආවාහ විවාහ කර ගන්නවා.

පහත් වැඩ කරන අපරාධකරුවන්ට පාලකයන් විසින් සම්භාවනීයත්වයක් ලැබෙනවා.

පහත් ගති ඇති දාමරිකයන්ට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා, ඔවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැහැ.

මෙම සිහින අතරේ ඔබ දකින ලංකාවේ සැබෑ යථාර්තය ඔබටත් පැහැදිලි ව පෙනෙනවා නම්, මේ පණිවිඩය හිතවතුන් අතරටත් යවන්න යයි, Radicalz අපි දැනුවත් කර සිටිමු.  

අන්තර්ගත සිහින විස්තර හා පුවත් මූලාශ්‍ර :

http://www.budusarana.lk , https://www.aljazeera.com/ , http://www.hirunews.lk/ , http://www.adaderana.lk/ , https://www.newsfirst.lk/ , You Judge (YouTube),  https://www.parliament.lk/en

 

Comments: