යහගුණයේ නත්තල

මේ නත්තල් සමයයි.    

අපි සැම නත්තල දකින්නේ උත්සාව කාලයක් ලෙසයි. එනම් වැඩි වශයෙන් සතුට අපට දැනෙන කාලයක් ලෙසයි. 

අප දන්නා හඳුනන හිතවතුන් යහළුවන් සමග මුණගැසීමට, ගමන් යාමට, සාද පවත්වා අපගේ සතුට බෙදාගැනීමට අපි පුරුදු වී සිටියි.  

අප අපගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ මෙවැනි කලක අප සමීප ව නොදන්නා ය සමග සමග සතුට කොතරම් දුරට බෙදා ගන්නවාද යන්නයි. එවන් අයගේ සතුට වෙනුවෙන් අප කොපමණ කැප වනවා ද යන්නයි. 

නත්තලේ සතුට හා සාමයේ පණිවිඩය සමතැන ම එක සේ පැතිරෙන්නේ නැත. විවිධ බාධා, ගැටලු, අපහසුතා ඇති පිරිස් බොහොමයක් නගරයෙන් පිටත ප්‍රදේශවල සිටින බව අපි දන්නා කරුණකි. එයට හේතුව නම් අප ද වසරේ විවිධ කාලවල ලංකාවේ විවිධ තැන්වලට සංචාරය කරන නිසාත් අප විශේෂයෙන් ම කොළඹින් පිටත පරිසරය දැක තිබෙන නිසාත් ය. අප බොහෝවිට එවන් පරිසරවලට ගොස් අපගේ සතුට විඳගෙන නැවත පැමිණෙමු. 

අපගේ සතුට වෙනුවෙන් අප යොදාගන්නා මෙවැනි චාරිකාවන්වල අපට අහඹු ලෙස හමු වන අප පෙර නොදන්නා අය වෙනුවෙන් සුළු හෝ යමක් කර ඔවුන් සතුටු කරන්නට පුළුවන් නම් එය සුවිශේෂ දෙයක් වෙයි. 

විශේෂයෙන් ම ළමුන්ට තෑගීබෝග දී සතුට පතුරන නත්තලේ සංකේතය වන නත්තල් සීයා කෙනෙක් අපට ද වීමට ඇත්නම් යයි සිතූ බැවින්, මෙවර නත්තල් සමයේ Maliban Biscuits සමාගම චාරිකාවක් සංවිධානය කළ අතර, අප ද (Radicalz) එයට සහභාගී වන්නට අවස්ථාව ලැබුණ අතර එහි දී අපට අතරමග මුණගැසෙන කුඩා ළමුන් සඳහා තෑගී මල්ලක් ලබා දී ඔවුන් සතුටු කරන්නට හැකි විය.   

     

Maliban Biscuits සමාගම බොහෝ දෙනෙක් නො සිතන මෙවැනි සමාජීය වශයෙන් බෙහෙවින් වටිනා සාමුහික ක්‍රියාවක් කිරීමට මැදිහත් වීම හා අප ද ඒ සමග සම්බන්ධ වීම අපට බෙහෙවින් වටිනා මතකයක් හා අද්දකීමකි.

අපි ඔබ සැමට සුබ නත්තලක් පතමු!

මැලිබන් නත්තල් පණිවිඩය

මේ නත්තලේ සතුට බෙදන නත්තල් සීයා කෙනෙක් වෙන්න ඔයාටත් පුලුවන්! ඔබත් ගමනක් බිමනක් යද්දී වැඩිපුර තෑග්ගක් අරන් යන්න අමතක කරන්න එපා. ඒ තෑගි මඟතොටදී හමුවෙන අහිංසක පුංචි මල් කැකුළු වලට බෙදා දී මුවඟට සිනාවක් කැන්දන්න.

Posted by Maliban Biscuits on Saturday, December 21, 2019

 

Comments: