අපගේ කැමරාවට හසුවුණු පිරිමියෙකුගේ පැමිණිල්ල

“වේදිකා නාට්‍යය” යන්න නිරන්තරයෙන් අප ව වෙනස් ම ආකාරයකින් පිනවන කලාවකි. 

ඕනෑම ශිෂ්ටසම්පන්න රටක, කලාව අගයන විඳින සමාජයක, වේදිකා නාට්‍යයට හිමි වන්නේ උසස් තැනකි. එහි සාකච්ඡා වන කතා, සිද්ධි, ශානරයන් හා චරිත මගින් උසස් රසිකයන් රැසක් නිර්මාණ සමග බැඳී සිටියි. ආගම, දේශපාලනය, ඉතිහාසය, මනුෂ්‍යත්වය වැනි බොහෝ කාරණා නාට්‍යවේදීන් විසින් නිර්මාණාත්මක ව වේදිකාවක් මත සජීවීකරණය කරයි. 

නාට්‍ය රසවිඳින්නන් විසින් නාට්‍ය නිර්මාණය අතිශය සමීපව ම අද්දැකීමට හැකි වීම මෙම කලා මාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණයකි. 

සිනමාව රූපවාහිනිය මෙන්ම සමාජ මාධ්‍ය කොතෙක් තිබුණ ද, ලාංකික සමාජයේ මේ වනවිටත් විවිධ දක්ෂ පිටපත් රචකයන් හා අධ්‍යක්ෂකවරුන් විසින් සමාජය බෙහෙවින් ප්‍රිය කරන වේදිකා නාට්‍ය නිර්මාණ කරයි. “පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” වේදිකා නාට්‍යය අප නෙත ගැටෙන්නේ මෙවැනි කාලයකයි.  

අප ජීවත් වන දේශීය සංස්කෘතියෙහි අපට උගන්වන්නේ මෙය පීතෘමූලික මෙන්ම මාතෘකේන්ද්‍රීය සමාජයක් බවයි. විවිධ සංකේත, නීති, රීතී හා සංස්කෘතික ලක්ෂණ ඔස්සේ අප ස්ත්‍රී-පුරුෂ ලෙස, සමාජ පන්ති ලෙස, ආගමිකව හා ජාතික ව යම් මට්ටම්වලින් බෙදනු ලබනවා, ව්‍යුහගත වනවා. බොහෝවිට අපට මෙම තත්වයන් පිළිබඳව ද ඇති දැනුම සීමාසහිත බැවින් කලාව තුළ මෙවැනි ගැටලු කලාත්මක ව නියෝජනය වීම ඉතා වටිනා දෙයකි. 

මෙහි රංගනයෙන් දායක වන්නේ සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, කපිල රස්නායක සහ අමිල පහතගෙදර යන ශිල්පීන් ය. අධ්‍යක්ෂණය සහ පිටපත කපිල රස්නායකගේ ය.

 CHÉ STUDIO ඡායාරූපශිල්පී කණ්ඩායම වන අපට නවමු අද්දැකීමක් වූ යේ “පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” වේදිකා නාට්‍යයේ එහි ප්‍රචාරණ කටයුතු සඳහා අවශ්‍ය ඡායාරූප ගැනීමට හා එය වේදිකාගත වන දිනෙක එහි ඡායාරූප ගැනීමටත්, හැකි වීමයි. 

Comments: