සිහිනේ සොයා යන යාත්‍රිකයා

 

කලා ලොවේ බොහෝ  සුවිශේෂී ජනප්‍රිය සංගීතමය නිර්මාණ අපට විවිධාකාරයෙන් දැකගත හැකි ය. Music Video… Album Releases….ලෙස නව සංගීතමය නිර්මාණ නිරතුරු ව ම අප කරා පැමිණේ.

මෙවන් නව නිර්මාණයක් කිරීම, බොහෝ කලාකරුවන්ගේ සිහිනයකි. එහෙත් විවිධ සිහින දකින බොහෝ දෙනෙක් විවිධ ක්ෂේත්‍රවල සිටයි.

ජයග්‍රහණය මුලින් ම සිහිනයක් වන්නේ සිහිනය දකින්නාගේ සිතේ ය. මෙය එකම සිහිනයක් නො ව සිහින දෙකක් දුටු දෙදෙනෙක් සංගීතය විසින් එක් වීම පිළිබඳ, සටහනක් මෙන් ම අනෙක් සිහින දකින්නන්ට කරනා ආරාධනයකි. 

හුදෙක් ගීත ගැයීම පමණක් නො කළ විවිධ ශානර සහ  ඔස්සේ සිය හැකියාව උරගා බැලූ තාරුණ්‍යයේ යාත්‍රිකයෙකු ලෙස අපට මිහිඳු ආරියරත්න හඳුනාගත හැකි ය. ඔහු මේ වන විට සිය අධ්‍යාපන වැඩකටයුතු අවසන් කොට, කලක දී කණ්ඩායම් සංගීතය හා පසු ව ස්වකීය නිර්මාණයන් ඔස්සේ රසිකයන්ට සමීප වන තරුණ ගායකයෙකි.

හුදෙක් ම ව්‍යායාම කිරීම පමණක් නො ව පරිපුර්ණ ව ශරීරය සකසාගෙන අයෝමය ලෙස ශ්‍රී ලංකාව ලොවක් ඉදිරියේ නියෝජනය කර ජයග්‍රහණය කිරීම සිය අහියෝගය හා සිහිනය කරගත් ලූෂන් පුෂ්පරාජ්ආසියාවේ කලු සිංහයා” ලෙස ලාංකිකයන්ගේ අවධානය දිනාගන්නේ ඔහුගේ එම සිහිනය සැබෑ කරගත් ක්‍රීඩකයෙකු ලෙස ය.

කැපවීමෙන් හා අපහසු මාවත් ඔස්සේ ධෛර්යයෙන් එක් අරමුණක් කරා උනන්දුවෙන් ඉදිරියට සිය සිහින වෙනුවෙන් වෙහෙස වී ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ රැඳවූ තරුණයෙක් හා ඔහුගේ ම සංගීතයක අනන්‍යතාවය සමග කලා ලොවේ සන්නාමයක් හා ආකර්ෂණීය සංකේතයක් බවට පත්වීම සිය සිහිනය කරගත් තරුණයෙකු ද එකට හමු වන සංගීතවත් අවකාශයක රූප රචනය අපගේ එම කලාත්මක නිර්මාණයයි.

ප්‍රෝටිනවලට හා ආහාරවලට පමණක් කාය වර්ධන ක්‍රීඩකයෙකු නිර්මාණය කළ නො හැකි ය. නව තාක්ෂණික උපාංග හා සංගීතයකට පමණක් දක්ෂ ගායකයකු බිහි කළ නො හැකි ය. ඒ කුමක් තිබුණ ද මේ සියල්ලට ම වැඩියෙන් අතරමග නොනවතින උනන්දුවක් අවශ්‍ය වේ.  එම සිහිනයේ සහ උනන්දුවේ ප්‍රතිඵල මෙම රූපරචනය තුළින් ඔබට දැකගත හැකි වේ.

Radicalz අපට මෙය වැඩ වැදගත් අවස්ථාවක් වන්නේ මෙවන් දක්ෂයන් දෙදෙනෙකුගේ හමු වීම වඩා කලාත්මක ලෙස රසිකයන්ට ඉදිරිපත් කළ  හැකි නිර්මාණයක් අප සතු වීමයි. “සිහිනේ සොයා එනවා” ලෙස ඔබගේ සවන් නෙත් පිනවන්නේ සැබවින් ම සිය සිහින සොයා පැමිණි දෙදෙනෙකුගේ මුණගැසීමයි.

Video – Radicalz Video Production
Director – Rajitha Rathnasiri
DOP – Suran Bopitiya
Editor – Ranidu Madushan
Colourist – Malinda Sampath
Production Manager – Amarathunga Atapattu
Focus Puller – Prasad Rushan

Music, Lyrics & Acoustic Guitar – Mihindu Ariyaratne

Programmed by- Pawan De Silva

Electric Guitar- Shameen Kumarasinghe

Bass Guitar- Hashan Jayathilaka

Drums- Harshan Gallage

Mixed & Mastered by- Vinod Melpitiya @ Music Oven Studios

Official Gym Partner- StepUp Gym

Comments: